AFC Banner
Empty Ad
Empty Ad

අදත් හෙටත් වැසි

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් අද (16) සහ හෙට (17) දිනයේ දී බලාපොරොත්තු වේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ද සඳහන්.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?