ජූනියර්ගේ කන පැලූ විද්‍යා පීඨයේ සින්නෝ සිව්දෙනාගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ 21 වසර කණ්ඩායමේ සිසුන් දෙදෙනෙකුට එම විද්‍යා පීඨයේ ම සිසුන් පිරිසක් පහර දී බරපතළ තුවාල සිදු කිරීම හේතුවෙන් පහරදීම සිදු කල සිසුන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මහනුවර ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා මෙම තීරණය ගෙන ඇති බවයි.

පහරකෑමට ලක් වූ සිසුන් දෙදෙනා නවාතැන් ගෙන සිටි විශ්වවිද්‍යාලයේ පිරිමි නේවාසිකාගාරයක් වන අක්බාර් හි රැඳී සිටින අවස්ථාවේ දී අදාළ සිසුන් පිරිස පැමිණ ඔවුන් දෙදෙනා හට අමානුෂික ලෙස පහර දී තිබෙනවා.

එම පහරදීමෙන් එක් සිසුවෙකුගේ කනට බරපතළ හානි සිදු ව ඇති අතර ඔහුව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු ව මහනුවර රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 12 වැනිදා රාත්‍රියේ මෙම සිදුවීම සිදු ව ඇති අතර පහරකෑමට ලක් වූ අනිත් සිසුවා මේ වනවිට ප්‍රතිකාර ලබා අවසන් ව පිටත්ව ගොස් තිබෙනවා.

පහරදීමට සම්බන්ධ සිසුන් මේ වන විට හඳුනාගෙන ඇති අතර චූදිත සිසුන් සිව්දෙනාට එරෙහි ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලක අංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

එම සිසුන්ට එරෙහි ව විනය පරීක්ෂණයක් පවත්වා තීරණයක් ලබාදෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි ශිෂ්‍යභාවය අත්හිටුවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා තීරණය කර තිබෙනවා.

විශ්වවිද්‍යාලයට අමතර ව මෙම පහරදීම පිළිබඳ පේරාදෙණිය පොලිස් ස්ථානය මගින් ද පරීක්ෂණයක් සිදු කෙරෙනවා.

මෙම පහරදීමට සිදු කර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන 18 හා 19 වසර කණ්ඩායම්වල ජ්‍යේෂ්ඨ සිසුන් බවයි හෙළි ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
4
+1
0
+1
3
+1
1
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?