ජූනියර්ගේ කන පැලූ විද්‍යා පීඨයේ සින්නෝ සිව්දෙනාගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ 21 වසර කණ්ඩායමේ සිසුන් දෙදෙනෙකුට එම විද්‍යා පීඨයේ ම සිසුන් පිරිසක් පහර දී බරපතළ තුවාල සිදු කිරීම හේතුවෙන් පහරදීම සිදු කල සිසුන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මහනුවර ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා මෙම තීරණය ගෙන ඇති බවයි.

පහරකෑමට ලක් වූ සිසුන් දෙදෙනා නවාතැන් ගෙන සිටි විශ්වවිද්‍යාලයේ පිරිමි නේවාසිකාගාරයක් වන අක්බාර් හි රැඳී සිටින අවස්ථාවේ දී අදාළ සිසුන් පිරිස පැමිණ ඔවුන් දෙදෙනා හට අමානුෂික ලෙස පහර දී තිබෙනවා.

එම පහරදීමෙන් එක් සිසුවෙකුගේ කනට බරපතළ හානි සිදු ව ඇති අතර ඔහුව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු ව මහනුවර රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 12 වැනිදා රාත්‍රියේ මෙම සිදුවීම සිදු ව ඇති අතර පහරකෑමට ලක් වූ අනිත් සිසුවා මේ වනවිට ප්‍රතිකාර ලබා අවසන් ව පිටත්ව ගොස් තිබෙනවා.

පහරදීමට සම්බන්ධ සිසුන් මේ වන විට හඳුනාගෙන ඇති අතර චූදිත සිසුන් සිව්දෙනාට එරෙහි ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලක අංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

එම සිසුන්ට එරෙහි ව විනය පරීක්ෂණයක් පවත්වා තීරණයක් ලබාදෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි ශිෂ්‍යභාවය අත්හිටුවීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා තීරණය කර තිබෙනවා.

විශ්වවිද්‍යාලයට අමතර ව මෙම පහරදීම පිළිබඳ පේරාදෙණිය පොලිස් ස්ථානය මගින් ද පරීක්ෂණයක් සිදු කෙරෙනවා.

මෙම පහරදීමට සිදු කර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන 18 හා 19 වසර කණ්ඩායම්වල ජ්‍යේෂ්ඨ සිසුන් බවයි හෙළි ව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14