ජනකගෙන් අල්ලස් ඉල්ලූ ලේකම් 27 දක්වා රිමාන්ඩ්

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකගෙන් රුපියල් මිලියන 30 ක අල්ලසක් ඉල්ලූ චෝදනාවට අත්අඩංගුවට ගත් ‘එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ‘ සභාපති සහ ලේකම්වරයා රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව එම සැකකරුවන් එළඹෙන 27 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමටයි අධිකරණය නියම කළේ.

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන අංශයට පැමිණිලි කර තිබුණේ එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට තරග කිරීමට අවශ්‍ය නම් රුපියල් මිලියන 30ක අල්ලස් මුදලක් ලබාදෙන ලෙසටයි.

තමාගෙන් අල්ලස් ඉල්ලූ එම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා ඊයේ දිනයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා අංශයට පැමිණිල්ලක් සිදු කර තිබූ අතර එම සිදුවීමට අදාළ ව පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ චූදිත පාර්ශ්වයේ ප්‍රධානතම සැකකරුවන් දෙදෙනා වන එක්සත් ලංකා පොදුජන පක්ෂයේ සභාපතිවරයා සහ ලේකම්වරයා අගෝස්තු 27 තෙක් රිමාන්ඩ් භාරයේ තබා ගන්නා ලෙසයි.

සෙසු සැකකරුවන් සයදෙනා ඇප මත මුදා හැරීමට නියෝග කෙරුණු අතර ඔවුන් රුපියල් ලක්ෂ 20 බැගින් වූ පුද්ගල ඇප මත නිදහස් කිරීමටයි නියම කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ උණුසුම් තත්ත්වයක් - වග උත්තරකරුවෙක් කොහොමද නඩුවක් ඉල්ලා අස් කර ගන්නේ
05:14
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් සජිත්ට රිදෙන්නම දෙයි
08:32
Video thumbnail
ICC සභාපති පැමිණීම ගැන ක්‍රිකට් කමිටුවෙන් කිව්ව දේ - කණගාටුයි මට, ඇත්තටම දුකයි වැරදි තර්කයක් කියලා
02:25
Video thumbnail
මේකට ඩිමෙන්ශියා..මේ පි## එක්ක මේක කරන්න බෑ - මුන් හිතනවද දන්නේ නෑ ගොවියා කොහා කියලා
09:22
Video thumbnail
"අපි මැ#ණත් මෙතනින් නැගිටින්නේ නෑ"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක
10:33
Video thumbnail
ඔයාලගේ නායකයා තමයි ප්‍රභාටත් මිනී##න්න ඉගෙන්නුවේ
04:54
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන ජනපතිගෙන් සැර කතාවක් - උස්සන් යන එක අශිෂ්ට ක්‍රියාවක්
02:30
Video thumbnail
අධිකරණ ඇමතිතුමා සජිත්ට දාපු කින්ඩිය
09:53
Video thumbnail
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවුරුද්දේ අහෝසි වෙනවා - අපි වෙනම පනතක් නිර්මාණය කරනවා
03:24
Video thumbnail
සජිත්ගේ කතාව මැද නැගිට්ට ආණ්ඩුවේ ලොක්කෙක් සජිත්ගෙන් හොඳටම අහගනී
07:06