AFC Banner
Empty Ad
Empty Ad

සජබෙ විජේමුණිගේ සහායත් රනිල්ට

හිටපු අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා එළඹෙන ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා ඊයේ දින ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක් හමු වී සිය තීරණය නිල වශයෙන් දැනුම් දුන්නා.

හිටපු අමාත්‍යවරයෙකු වන විජිත් විජේමුණි සොයිසාගේ සහාය එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හට ලබාදෙන බවට නිල වශයෙන් දැනුම්දී තිබෙනවා.

ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා හමු ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා මේ බව දැනුම්දුන් බවයි වාර්තා වන්නේ.

විජිත් විජේමුණි සොයිසා යනු සමගි ජන බලවේගයේ කටාන ආසනයේ ජාතික සංවිධායකවරයායි.

හිටපු අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මේ වනවිට රට දියුණු වෙමින් පවතින්නේ ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ ආර්ථික සහ දේශපාලන උපාය මාර්ග යටතේ බවයි.

මෙම අවස්ථාවට ජනාධිපති කාර්‍යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, වජිර අබේවර්ධන සහ ප්‍රසන්න රණතුංග එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?