AFC Banner
Empty Ad
Empty Ad

ගිගුරුම් සහිත වැසි ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ අද (11) සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල අද (11) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම උතුර, උතුරුමැද ,නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
17
+1
2
+1
7
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?