AFC Banner
Empty Ad
Empty Ad

වාස් ගුණවර්ධන ඇතුළු පිරිසකට එල්ල වූ චෝදනාවට හිමි වූ මරණ දණ්ඩනය ස්ථිර වෙයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් සයදෙනෙකුට එල්ල වූ චෝදනාවලට හිමි වූ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ නියෝගය අද (08) දිනයේ දී ස්ථීර කර තිබෙනවා.

අධිකරණ ආරංචි මාර්ග පවසන පරිදි මෙම චූදිතයින් සයදෙනා හට අදාළ තීන්දුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනුයි ලබා දෙනු ලැබුවේ.

2013 වසරේ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු පිරිසට මරණ දණ්ඩනය හිමි වුණා.

මෙලෙස මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පැනවූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද තහවුරු කෙරුණු බවයි වාර්තා වන්නේ.

මෙම මරණ දණ්ඩනය හිමි වූ විටම චූදිත පාර්ශ්වයෙන් ඇපෑලක් ඉදිරිපත් කෙරුණු අතර; එම ඇපෑළ ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කිරීමට කටයුතු කළා.

එම අභියාචනයෙන් චූදිත පාර්ශ්වය ඉල්ලා සිටියේ මරණ දණ්ඩනයෙන් තමන් ඇතුළු පිරිස නිදහස් කරන ලෙසයි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන් අතර මරණීය දණ්ඩනය තහවුරු කරන ලද විත්තිකරුවන් අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු තුන්දෙනෙකු ද සිටිනවා.

එමෙන්ම මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් බරපතළ වැඩසහිත වසර 04ක සිරදඬුවම් ද නියම කර තිබෙනවා.

ඊට අමතරව වාස් ගුණවර්ධන මහතාට රුපියල් 20,000ක දඩයක් ද ගෙවීමටයි විනිසුරුවරයා නියම කර ඇත්තේ.

පැහැරගෙන යාම, අයුතු ලෙස සිරකර තැබීම සහ සුළු තුවාල කිරීමේ චෝදනාවන් 4කට වරදකරුවන් කරනු ලැබූ වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිඳු ගුණවර්ධන සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කළ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වසර 16ක් බැගින් බරපතළ වැඩසහිත සිරදඬුවම් ද නියම වී තිබෙනවා.

එම සිරදඬුවම් වසර 04කින් ගෙවා අවසන් විය යුතු බවත් එම නියෝගයේ දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

එම විත්තිකරුවන් තිදෙනාට රුපියල් 82,000ක් බැගින් දඩ මුදල් ද නියම කෙරුණු අතර; ඒ, 2009 වසරේ මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නිපුණ රාමනායක නමැති තරුණයෙකු පැහැරගෙන ගොස් කොළඹ අපරාධ කොට්ඨාසයේ අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාවට වරදකරුවන් වීම හේතුවෙන්.

මෙම සිද්ධියට අදාළව ව්‍යාජ සටහන් යෙදීම සම්බන්ධයෙන් වරදකරු කෙරුණු කොළඹ අපරාධ කොට්ඨාසයේ සේවය කළ ලලිත් ශාන්ත විතාන නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 08ක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිරදඬුවම වසර 04 කින් ගෙවා අවසන් කළ යුතු බවත් නියෝග කළා.

ඊට අමතරව එම විත්තිකරුට රුපියල් 40,000 ක දඩයක් ද ගෙවිය යුතු බවටයි නියෝග කර ඇත්තේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස නම්කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශාමලී ප්‍රියදර්ශනී පෙරේරා සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට ද අධිකරණය විසින් තීන්දු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
26
+1
2
+1
7
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?