AFC Banner
Empty Ad
Empty Ad

ඩුබායි නිපුන එවූ පන්කෝටිය ඉක්ම වූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට

රුපියල් පන් කෝටි එකොළොස් ලක්ෂ විසිදහසක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 112ක ප්‍රමාණයක් ඩුබායි සිට ගුවන් තැපැල් පාර්සල් සේවාව ඔස්සේ, පරිගණක උපාංග 63ක් සහිත පාර්සල් තුළ සඟවා මෙරටට එවූ අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනීමට ගෝනහේන පොලිස් විශේෂ කාර්‍යය බලකායේ නිලධාරීන් සමත් වුණා.

මෙම වැටලීම ඊයේ (07) සිදු කර ඇත්තේ; කටුනායක ගුවන් තොටුපොළ පෞද්ගලික බන්ධිත ගුදමක් වෙත එවා තිබියදීයි.

කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් ද මෙම වැටලීමට සහාය දක්වා තිබෙනවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; ඉකුත් මැයි 18 වැනි දින මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය පරිගණක දෘඪාංග (Hard Disk) ඇතුළත් පාර්සල් තුළ සඟවා පකිස්තානයේ සිට ඩුබායි වෙත යවා, එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ
” යූ.පී.එස්.” පෞද්ගලික ගුවන් භාණ්ඩ බන්ධිත ගුදම වෙත, ඩුබායි හි වාසය කරන ‘ඩුබායි නිපුන’ නමැති සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා විසින් එවනු ලැබ ඇති බවයි පැවසෙන්නේ.

මේ පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ ගෝනහේන පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් ඊයේ උදෑසන 10.00 සිට සවස 06.00 පමණ වන තෙක් මෙම මෙහෙයුම දියත් කර වැටලීම සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය අද (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?