ඩුබායි නිපුන එවූ පන්කෝටිය ඉක්ම වූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට

රුපියල් පන් කෝටි එකොළොස් ලක්ෂ විසිදහසක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 112ක ප්‍රමාණයක් ඩුබායි සිට ගුවන් තැපැල් පාර්සල් සේවාව ඔස්සේ, පරිගණක උපාංග 63ක් සහිත පාර්සල් තුළ සඟවා මෙරටට එවූ අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනීමට ගෝනහේන පොලිස් විශේෂ කාර්‍යය බලකායේ නිලධාරීන් සමත් වුණා.

මෙම වැටලීම ඊයේ (07) සිදු කර ඇත්තේ; කටුනායක ගුවන් තොටුපොළ පෞද්ගලික බන්ධිත ගුදමක් වෙත එවා තිබියදීයි.

කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් ද මෙම වැටලීමට සහාය දක්වා තිබෙනවා.

අප ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ; ඉකුත් මැයි 18 වැනි දින මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය පරිගණක දෘඪාංග (Hard Disk) ඇතුළත් පාර්සල් තුළ සඟවා පකිස්තානයේ සිට ඩුබායි වෙත යවා, එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ
” යූ.පී.එස්.” පෞද්ගලික ගුවන් භාණ්ඩ බන්ධිත ගුදම වෙත, ඩුබායි හි වාසය කරන ‘ඩුබායි නිපුන’ නමැති සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා විසින් එවනු ලැබ ඇති බවයි පැවසෙන්නේ.

මේ පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් , ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ ගෝනහේන පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් ඊයේ උදෑසන 10.00 සිට සවස 06.00 පමණ වන තෙක් මෙම මෙහෙයුම දියත් කර වැටලීම සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය අද (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39