ආයෙත් නඩු වැටුණු ටික්ටොක්

චීනයට අයත් කෙටි-වීඩියෝ වේදිකාවක් වන ටික්ටොක්, නීතිවිරෝධී ලෙස දරුවන්ගේ පුද්ගලික තොරතුරු රැස්කර තබාගෙන ඇතැයි එක්සත් අධිකරණ දෙපාර්තමේන්තුව පවසනවා.

සමාජ මාධ්‍ය යෙදුමේ දරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව, ටික්ටොක් සහ එහි චීනයේ මව් සමාගම වන ByteDance ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

අධිකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකට අනුව, TikTok ළමා ඔන්ලයින් රහස්‍යතා ආරක්ෂණ පනත උල්ලංඝනය කර ඇති අතර, අදාළ පනත අනුව පරිශීලකයින් වයස අවුරුදු 13ට අඩු නම් පුද්ගලික තොරතුරු රැස් කිරීම සඳහා දෙමාපියන්ගේ කැමැත්ත ලබා ගැනීම සඳහා ළමුන් ඉලක්ක කරගත් සේවාවන් අවශ්‍ය වනවා.

අදාළ නිවේදනයේ දැක්වුණේ TikTok දැනුවත්ව දරුවන්ට යෙදුමේ ගිණුම් සෑදීමට සහ වැඩිහිටියන් සමඟ වීඩියෝ නිර්මාණය කිරීමට සහ බෙදා ගැනීමට ඉඩ ලබා දෙන බවයි.

එමෙන්ම සමාජ මාධ්‍ය වේදිකාව තරුණ පරිශීලකයින්ගෙන් ඔවුන්ගේ දෙමාපියන්ගේ අනුමැතියකින් තොරව තොරතුරු රැස් කර ඇති බව එහි සඳහන්.

“විත්තිකරුවන් නීතිවිරෝධී ලෙස ළමා විද්‍යුත් තැපැල් ලිපින සහ වෙනත් ආකාරයේ පුද්ගලික තොරතුරු රැස්කර තබාගෙන ඇත. තවද, දෙමාපියන් තම දරුවන්ගේ ගිණුම් සොයාගෙන ඒවායේ ගිණුම් සහ තොරතුරු මකා දමන ලෙස විත්තිකරුවන්ගෙන් ඉල්ලා සිටි විට, විත්තිකරුවන් එම ඉල්ලීම්වලට ගරු කිරීමට නිතර අපොහොසත් විය,” අධිකරණ දෙපාර්තමේන්තු නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?