ආයෙත් නඩු වැටුණු ටික්ටොක්

චීනයට අයත් කෙටි-වීඩියෝ වේදිකාවක් වන ටික්ටොක්, නීතිවිරෝධී ලෙස දරුවන්ගේ පුද්ගලික තොරතුරු රැස්කර තබාගෙන ඇතැයි එක්සත් අධිකරණ දෙපාර්තමේන්තුව පවසනවා.

සමාජ මාධ්‍ය යෙදුමේ දරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව, ටික්ටොක් සහ එහි චීනයේ මව් සමාගම වන ByteDance ට එරෙහිව නඩු පවරා තිබෙනවා.

අධිකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකට අනුව, TikTok ළමා ඔන්ලයින් රහස්‍යතා ආරක්ෂණ පනත උල්ලංඝනය කර ඇති අතර, අදාළ පනත අනුව පරිශීලකයින් වයස අවුරුදු 13ට අඩු නම් පුද්ගලික තොරතුරු රැස් කිරීම සඳහා දෙමාපියන්ගේ කැමැත්ත ලබා ගැනීම සඳහා ළමුන් ඉලක්ක කරගත් සේවාවන් අවශ්‍ය වනවා.

අදාළ නිවේදනයේ දැක්වුණේ TikTok දැනුවත්ව දරුවන්ට යෙදුමේ ගිණුම් සෑදීමට සහ වැඩිහිටියන් සමඟ වීඩියෝ නිර්මාණය කිරීමට සහ බෙදා ගැනීමට ඉඩ ලබා දෙන බවයි.

එමෙන්ම සමාජ මාධ්‍ය වේදිකාව තරුණ පරිශීලකයින්ගෙන් ඔවුන්ගේ දෙමාපියන්ගේ අනුමැතියකින් තොරව තොරතුරු රැස් කර ඇති බව එහි සඳහන්.

“විත්තිකරුවන් නීතිවිරෝධී ලෙස ළමා විද්‍යුත් තැපැල් ලිපින සහ වෙනත් ආකාරයේ පුද්ගලික තොරතුරු රැස්කර තබාගෙන ඇත. තවද, දෙමාපියන් තම දරුවන්ගේ ගිණුම් සොයාගෙන ඒවායේ ගිණුම් සහ තොරතුරු මකා දමන ලෙස විත්තිකරුවන්ගෙන් ඉල්ලා සිටි විට, විත්තිකරුවන් එම ඉල්ලීම්වලට ගරු කිරීමට නිතර අපොහොසත් විය,” අධිකරණ දෙපාර්තමේන්තු නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48