රාජ්‍ය සේවයෙහි පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම තීරණය අනුව විශ්‍රාම වැටුප් විෂමතාවලට නතු වූ සියලු ම විශ්‍රාමික රාජ්‍ය සේවකයින් 83000කට සහනයක් හිමි කරදීමටයි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ.
ඒ අනුව 2016 පෙබරවාරි 25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 03/2016හි උපලේඛන අංක 1 අනුව සම්පූර්ණ වැටුප පදනම් කරගනිමින් උපරිම රුපියල් 2500ක වැඩිවීමක් ලබාදීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙන්නේ.
මෙම යෝජනාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර ඊට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.














එතකොට අර දෙනව කිව් 3000 දීමනාවට මොකද වෙන්නෙ?
ඔය විෂමතාවයේ අවමය රුපියල් 2500 වෙන්න ඕනැ. උපරිමය රුපියල් 45000 විතර වියයුතුයි.