‘මිහිකතගේ ගීතය’ වනජීවී ඡායාරූප ප්රදර්ශනය මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
එම ප්රදර්ශනය එළඹෙන 9,10 සහ 11 යන තෙදින කොළඹ 07 – ලයනල් වෙන්ඩ්ට් පරිශ්රයේ දී පැවැත්වෙනු ඇති.
මෙම ප්රදර්ශනයේ සංවිධායකත්වය දරන්නේ CHE කණ්ඩායමයි.
මෙරට සිටින සියලුම වනජීවී කලාප ආවරණය වන පරිදි කුහුඹුවාගේ සිට දළ ඇතා දක්වා විචිත්රවත් ඡායාරූප 100ක් මෙහි ප්රදර්ශනය කිරීමට නියමිත බවත් වාර්තා වනවා.
පරිසරයට, වනාන්තරයේ සතා සිවුපාවාට ආදරය කරන සියලු ප්රජාවට මෙම ඡායාරූප ප්රදර්ශනය නැරඹීමට අවස්ථාව හිමිවනු ඇති.
මෙම ප්රදර්ශනය නැරඹීම සඳහා ප්රවේශ පත්ර ගාස්තුවක් ඇතුල්වීම වෙනුවෙන් අය නොකෙරෙන බව ද සංවිධායක මණ්ඩලය දැනුම්දී තිබෙනවා.
එය ප්රදර්ශනය පැවැත්වෙන තෙදින පුරාවට ම පෙරවරු 10 සිට රාත්රී 7 දක්වා විවෘත ව පවතිනු ඇති.