‘මිහිකතගේ ගීතය’ වනජීවී ඡායාරූප ප්‍රදර්ශනය මෙවරත් අගෝස්තු මුල සතියේ

‘මිහිකතගේ ගීතය’ වනජීවී ඡායාරූප ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

එම ප්‍රදර්ශනය එළඹෙන 9,10 සහ 11 යන තෙදින කොළඹ 07 – ලයනල් වෙන්ඩ්ට් පරිශ්‍රයේ දී පැවැත්වෙනු ඇති.

මෙම ප්‍රදර්ශනයේ සංවිධායකත්වය දරන්නේ CHE කණ්ඩායමයි.

මෙරට සිටින සියලුම වනජීවී කලාප ආවරණය වන පරිදි කුහුඹුවාගේ සිට දළ ඇතා දක්වා විචිත්‍රවත් ඡායාරූප 100ක් මෙහි ප්‍රදර්ශනය කිරීමට නියමිත බවත් වාර්තා වනවා.

පරිසරයට, වනාන්තරයේ සතා සිවුපාවාට ආදරය කරන සියලු ප්‍රජාවට මෙම ඡායාරූප ප්‍රදර්ශනය නැරඹීමට අවස්ථාව හිමිවනු ඇති.

මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර ගාස්තුවක් ඇතුල්වීම වෙනුවෙන් අය නොකෙරෙන බව ද සංවිධායක මණ්ඩලය දැනුම්දී තිබෙනවා.

එය ප්‍රදර්ශනය පැවැත්වෙන තෙදින පුරාවට ම පෙරවරු 10 සිට රාත්‍රී 7 දක්වා විවෘත ව පවතිනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10