පැරිස් ඔලිම්පික් ක්රීඩා උලෙළේ කාන්තා මීටර් 800 මූලික වටයේ තරගයට ශ්රී ලංකාවේ තරුෂි කරුණාරත්න සහභාගී වුණා.
මෙම තරගය මිනිත්තු 2:07.76කින් අවසන් කළ 19 හැවිරිදි තරුෂි කරුණාරත්නට හිමි වූයේ එහි 08 වැනි ස්ථානයයි.
ඒ, අනුව කාන්තා මීටර් 800 තරග ඉසව්ව සඳහා ක්රීඩිකාවන් 50ක් ඉදිරිපත් වූ අතර, ඉන් ඇය 45 වැනි ස්ථානයට පත් වුණා.
පැරිස් ස්ටේට් ඩී ෆ්රාන්ස් ධාවන පථයේ ශ්රී ලංකා වේලාවෙන් ඊයේ (02) රාත්රි 11.50ට මෙම තරග වටය පැවැත් වුණා.
කාන්තා මීටර් 800 මූලික වටයේ හොඳම දක්ෂතාව මිනිත්තු 1:57.90කින් වාර්තා කිරීමට ඉතියෝපියාවේ ටිසිගේ ඩුග්මා සමත් වුණා.
මීටර් 800 තරගයේ දී ක්රීඩිකාවන් 24ක් අවසන් පූර්ව වටයට තෝරා ගැනෙන අතර, ඊයේ පැවති මූලික වට හයෙන් ජයග්රාහිකාවන් තිදෙනා බැගින් 18 දෙනෙක් තෝරාගනු ලැබුවා.
මූලික වටයෙන් ඉවතට ගිය ඉතිරි ක්රීඩිකාවන් 32 දෙනා ‘රිපීචේජ් වටයේ’ අද යළි තරග කිරීමට නියමිතයි.
එහිදී හොඳම කාලය වාර්තා කරන ක්රීඩිකාවන් හයදෙනාට අවසන් පූර්ව වටයේ දොරටු විවිර වනවා.