මූලික වටයෙන් ජය හිමි නොවූ තරුෂි අදත් ඔලි­ම්පික් ධාවන පථයට

පැරිස් ඔලි­ම්පික් ක්‍රීඩා උලෙළේ කාන්තා මීටර් 800 මූලික වටයේ තරගයට ශ්‍රී ලංකාවේ තරුෂි කරු­ණා­රත්න සහභාගී වුණා.

මෙම තරගය මිනිත්තු 2:07.76කින් අවසන් කළ 19 හැවිරිදි තරුෂි කරු­ණා­රත්නට හිමි වූයේ එහි 08 වැනි ස්ථානයයි.

ඒ, අනුව කාන්තා මීටර් 800 තරග ඉසව්ව සඳහා ක්‍රීඩි­කා­වන් 50ක් ඉදිරිපත් වූ අතර, ඉන් ඇය 45 වැනි ස්ථාන­යට පත් වුණා.

පැරිස් ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ධාවන පථ­යේ ශ්‍රී ලංකා වේලා­වෙන් ඊයේ (02) රාත්‍රි 11.50ට මෙම තරග වටය පැවැත් වුණා.

කාන්තා මීටර් 800 මූලික වටයේ හොඳම දක්ෂ­තාව මිනිත්තු 1:57.90කින් වාර්තා කිරී­මට ඉති­යෝ­පි­යාවේ ටිසිගේ ඩුග්මා සම­ත් වුණා.

මීටර් 800 තර­ගයේ දී ක්‍රීඩි­කා­වන් 24ක් අව­සන් පූර්ව වට­යට තෝරා ගැනෙන අතර, ඊයේ පැවති මූලික වට හයෙන් ජය­ග්‍රා­හි­කා­වන් තිදෙනා බැගින් 18 දෙනෙක් තෝරාගනු ලැබුවා.

මූලික වට­යෙන් ඉව­තට ගිය ඉතිරි ක්‍රීඩිකාවන් 32 දෙනා ‘රිපී­චේජ් වටයේ’ අද යළි තරග කිරීමට නියමිතයි.

එහිදී හොඳම කාලය වාර්තා කරන ක්‍රීඩි­කා­වන් හයදෙනාට අව­සන් පූර්ව වටයේ දොරටු විවිර වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05