AFC Banner
Empty Ad
Empty Ad

අහුංගල්ලේ ලොකු පැටීගේ අයිස් ජාවාරම් සාමාජිකයෙක් අත්අඩංගුවට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අහුංගල්ලේ ලොකු පැටීගේ අයිස් ජාවාරම් සාමාජිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සැකකරුව අහුංගල්ල පොලිස් වසමේ ඌරගහ මාර්ගයේ පතිරාජගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 42යි මිලිගෑම් 520ක් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බවයි.

ඌරගහ මාර්ගයේ වේල්ලලකන්ද ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ යුක්තිය මෙහෙයුම යටතේ යොදවා සිටි ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අංක 25 නිලධාරින් කණ්ඩායම මෙම සැකකරු පා ගමනින් යමින් සිටියදී සැක සිතී පරීක්ෂා කිරීමේ දී ඔහු සතුව තිබී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

මෙහි වටිනාකම රු. ලක්ෂ 84ක් පමණ වන බවත් වාර්තා වනවා.

මෙම සැකකරු අහුංගල්ලේ ලොකු පැටීගේ ගෝලයෙකු වන ඩුබායි සැඟව සිටින වැලිපැන්නේ දමිත් යන අයගේ අයිස් ජාවාරම සිදු කරන අයෙක් බවත් සොයා ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශනයෙන් පසුව සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?