අහුංගල්ලේ ලොකු පැටීගේ අයිස් ජාවාරම් සාමාජිකයෙක් අත්අඩංගුවට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අහුංගල්ලේ ලොකු පැටීගේ අයිස් ජාවාරම් සාමාජිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සැකකරුව අහුංගල්ල පොලිස් වසමේ ඌරගහ මාර්ගයේ පතිරාජගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 42යි මිලිගෑම් 520ක් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බවයි.

ඌරගහ මාර්ගයේ වේල්ලලකන්ද ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ යුක්තිය මෙහෙයුම යටතේ යොදවා සිටි ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අංක 25 නිලධාරින් කණ්ඩායම මෙම සැකකරු පා ගමනින් යමින් සිටියදී සැක සිතී පරීක්ෂා කිරීමේ දී ඔහු සතුව තිබී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

මෙහි වටිනාකම රු. ලක්ෂ 84ක් පමණ වන බවත් වාර්තා වනවා.

මෙම සැකකරු අහුංගල්ලේ ලොකු පැටීගේ ගෝලයෙකු වන ඩුබායි සැඟව සිටින වැලිපැන්නේ දමිත් යන අයගේ අයිස් ජාවාරම සිදු කරන අයෙක් බවත් සොයා ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශනයෙන් පසුව සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48