පාතාල කල්ලි නායකයින් වන කංජිපානි ඉම්රාන් හා ලොකු පැටී අත්අඩංගුවට

යුරෝපයේ සැඟව සිටින බවට මෙරට ආරක්ෂක අංශ සැකපළකර සිටි පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වනවා.

ඊට අමතරව ලොකු පැටී නැමති පාතාල කල්ලි නායකයා ද අත්අඩංගුවට පත්ව ඇති බවයි වැඩි දුරටත් තොරතුරු වාර්තා වුණේ.

විදෙස් ගතව සැඟව සිටින බවට මෙරට ආරක්ෂක අංශ සැකපර සිටි ප්‍රබල පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් බෙලරූස් හිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රංශය හරහා බෙලරූස් වෙත පලා යාමට උත්සාහ කිරීමේ දී කංජිපානි ඉම්රාන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටි ලොකු පැටී නැමති පාතාල කල්ලි නායකයා ඩුබායි රාජ්‍යයේ දී අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් අප වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතාගෙන් විමසීමක් කර සිටියා.

එහිදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම පාතාල කල්ලි නායකයින් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය ඇතුළු ඇතැම් මාධ්‍යවල පුවත් සංසරණය වන බවට පොලිසියට වාර්තා වී ඇති බවයි.

කෙසේ වෙතත් එවැනි අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් නිල වශයෙන් පොලිසියට වාර්තා වී නොමැති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා දසත නිවුස් කළ විමසීමේ දී වැඩිදුරටත් පැවසුවේ.

පසුගිය ජුලි මස 08 වනිදා ප්‍රසිද්ධ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු තවත් පුද්ගලයෙක් අතුරුගිරිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකරුවන් ලෙස කංජිපානි ඉම්රාන් ඉම්රාන් සහ ලොකු පැටී හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48