දරුවන්ට එල්ල වූ පිහි ප්‍රහාරයකින් උතුරු එංගලන්තය කැලඹෙයි

උතුරු එංගලන්තයේ සවුත්පෝර්ට් හි පිහි ඇනුමක් සිදු ව තිබෙනවා.

මෙම සිදුවීම අද (29) පෙරවරු 11.50ට පමණ සිදු ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

පිහි ඇනුමෙන් ගැහැනු ළමුන් 08 දෙනෙකු අවම වශයෙන් බරපතළ තුවාල ලබා ඇති බවත් පැවසෙනවා.

තුවාලකරුවන් මේ වනවිට ප්‍රදේශයේ ළමා රෝහල් වෙත සහ රජයේ මෙන් ම පෞද්ගලික රෝහල් වෙත මාරු කර යවා ඇති බවත් සඳහන්.

මර්සිසයිඩ් පොලිසිය පැවසුවේ පිහි ඇනුම පිළිබඳ වාර්තා ලැබී ඇති අතර සිදුවීම සිදුවන අවස්ථාවේ දී පොලිස් හදිසි ඇමතුම් අංශයට අපරාධය පිළිබඳ ව තොරතුරු වාර්තා වූ බවත්; ඒ සමග ම පොලිසිය ක්‍රියාත්මක වූ බවයි.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලිසිය සඳහන් කර ඇත්තේ;

”සිද්ධියෙන් සිදු ව ඇති ජීවිත හානි ගණන ඉහළ යා හැකි බවත්; තවමත් සිදුවීම පිළිබඳ කරුණු අනාවරණය වෙමින් පවතින බවයි. එමෙන්ම අපරාධය සිදු කළා යැයි පැවසෙන පිරිමි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවේ සිටින බවත්; අපරාධ‍ය සඳහා යොදාගත් පිහිය ද මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කළා.

අදාළ සැකකරු මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාව යටතේ පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් අවසන්..” බවත් එම පොලිසිය පවසනවා.

මෙම සිදුවීම පිළිබඳ ව ප්‍රාදේශීය ව්‍යාපාරිකයෙකු වන කොලින් පැරී නමැත්තා විසින් සිය ඇසින් දුටු සාක්ෂි පොලිසිය හමුවේ සිදු කරමින් සඳහන් කර ඇත්තේ; සවුත්පෝට් හි සිදුවීම හරියට ත්‍රාසජනක චිත්‍රපටයක දර්ශනයක් වැනි යැයි කියාය.

අදාළ සිදුවීමට මුහුණ පා ඇත්තේ වයස අවුරුදු 11ක් පමණ වන වයස් කාණ්ඩයේ පසුවන දරුවන් බවත් හෙළි ව තිබෙනවා.

සවුත්පෝට් සිට සැතපුම් 20ක් පමණ දුරින් ලිවර්පූල් හි ඇල්ඩර් හේ ළමා රෝහල් භාරයේ මෙම තුවාල ලැබූ දරුවන් ප්‍රතිකාරයේ පසුවනවා.

කෙසේවෙතත් මෙම සිදුවීමෙන් තුවාල ලැබූ දරුවන්ගේ දෙමාපියන් මෙල්ල කරගැනීම අපහසු වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සවුත්පෝට් නියෝජනය කරන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පැට්‍රික් හර්ලි පවසන්නේ “සිද්ධිය” පිළිබඳ ව තමා “දැඩි කනස්සල්ලට පත් වූ” බවයි.

“විපතට පත් වූවන්ට දිය හැකි හොඳම සාධාරණය මම බලාපොරොත්තු වෙනවා. මගේ සිතුවිලි විපතට පත් වූ සියලු දෙනාට, ඔවුන්ගේ ආදරණීයයන්ට සහ සමස්ත ප්‍රජාවට පිරිනැමෙනවා…”යනුවෙන් හර්ලි X හි සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
16
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයට නායකත්වයක් නැද්ද ?..සියළුම දේශපාලන පක්ෂවල අය නායකයෝ
02:40
Video thumbnail
මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට..විපක්ෂය ආණ්ඩුවට අකුල් හෙලන එක නවත්තන්න ඕනි
02:58
Video thumbnail
උතුරේ ආණ්ඩුකාරවරයා අධිකරණයට බලපෑම් කරනවා..අපේ කොන්දේසිවලට IMF එක ආවා මිසක් අපි ගියේ නෑ
09:08
Video thumbnail
අපේ රටට ඕනිවෙලා තියෙන්නේ ධර්මාධිකරණයක් නෙවෙයි සංඝාධිකරණයක්..
13:35
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34