2023 දී රටේ සිදු වූ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධව විගණන කාර්යාලයෙන් වාර්තාවක්

පසුගිය වසරේ (2023) මුල් මාස 10 තුළ මනුෂ්‍ය ඝාතන 488ක් වාර්තා වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

එම කාර්යාලය මඟින් නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන්වන අතර, මෙම මනුෂ්‍ය ඝාතන 488න් 52ක්ම සිදුව ඇත්තේ වෙඩි තැබීම්වලින් බවයි වාර්තා වන්නේ.

මේ අතර එම කාලයේ දී තංගල්ල, නුගේගොඩ, ගම්පහ, රත්නපුර සහ ඇල්පිටිය යන පොලිස් කොට්ඨාස පහ තුළ මනුෂ්‍ය ඝාතන ඉහළ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම 2018 – 2022 අතර කාල පරිච්ඡේදයේ දී දිවයින පුරා බරපතල තුවාල සිදුකිරීම් සහ මනුෂ්‍ය ඝාතන 7,017ක් වාර්තා වී ඇති බව අදාළ වාර්තාවේ දැක්වෙනවා.

ඉන් අපරාධ 2,030ක්ම පසුගිය 2023 වසරේ දී වාර්තා වී තිබීම විශේෂත්වයක්.

මේ අතර රට තුළ බරපතළ අපරාධ වාර්තාවීම වර්ධනය වීම වැළැක්වීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාව මඟින් නිර්දේශ කර ඇත්තේ.

පසුගිය වසර 06ක කාලය සැළකිල්ලට ගැනීමේ දී ගෙවල් බිඳුම් සහ මංකොල්ලකෑම් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය වසර තුළ දී වීම විශේෂත්වයක්.

2018 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසරේ දී එම අපරාධවල 50%ක පමණ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවයි ජාතික විගණන කාර්යාලය පවසන්නේ.

මේ අතර කාන්තාවන්ට එරෙහි බරපතළ අපරාධ වාර්තා වීම 2022 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසරේ දී 27%කින් වර්ධනය වී ඇති බව සඳහන්.

විගණන කාර්යාලයේ වාර්තාවට අනුව ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව 182 සිට 226 දක්වා ඉහළ ගොස් තිබූ බව ද සඳහන්.

කාන්තාවන්ට බරපතල තුවාල කිරීම් සංඛ්‍යාව 154 සිට 221 දක්වා ද පිහි ආදියෙන් තුවාල කිරීම් සංඛ්‍යාව 74 සිට 96 දක්වා ද බරපතල ලිංගික අපයෝජන සංඛ්‍යාව 21 සිට 37දක්වා ද වර්ධනය වී තිබූ බව එම වාර්තාව අනාවරණය කරනවා.

පසුගිය වසරේදී (2023) මෙම අපරාධ විසඳීම 99%ක ප්‍රගතියක් පෙන්නුම් කළ ද, අපරාධ වාර්තාවීම වැඩි වී තිබූ බව ගණන කාර්යාලය පවසනවා.

එමෙන්ම එම අපරාධ පාලනයට හා වැළැක්වීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව ද එම කාර්යාලය ප්‍රකාශ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58