2023 දී රටේ සිදු වූ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ සම්බන්ධව විගණන කාර්යාලයෙන් වාර්තාවක්

පසුගිය වසරේ (2023) මුල් මාස 10 තුළ මනුෂ්‍ය ඝාතන 488ක් වාර්තා වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

එම කාර්යාලය මඟින් නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන්වන අතර, මෙම මනුෂ්‍ය ඝාතන 488න් 52ක්ම සිදුව ඇත්තේ වෙඩි තැබීම්වලින් බවයි වාර්තා වන්නේ.

මේ අතර එම කාලයේ දී තංගල්ල, නුගේගොඩ, ගම්පහ, රත්නපුර සහ ඇල්පිටිය යන පොලිස් කොට්ඨාස පහ තුළ මනුෂ්‍ය ඝාතන ඉහළ සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම 2018 – 2022 අතර කාල පරිච්ඡේදයේ දී දිවයින පුරා බරපතල තුවාල සිදුකිරීම් සහ මනුෂ්‍ය ඝාතන 7,017ක් වාර්තා වී ඇති බව අදාළ වාර්තාවේ දැක්වෙනවා.

ඉන් අපරාධ 2,030ක්ම පසුගිය 2023 වසරේ දී වාර්තා වී තිබීම විශේෂත්වයක්.

මේ අතර රට තුළ බරපතළ අපරාධ වාර්තාවීම වර්ධනය වීම වැළැක්වීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාව මඟින් නිර්දේශ කර ඇත්තේ.

පසුගිය වසර 06ක කාලය සැළකිල්ලට ගැනීමේ දී ගෙවල් බිඳුම් සහ මංකොල්ලකෑම් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය වසර තුළ දී වීම විශේෂත්වයක්.

2018 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසරේ දී එම අපරාධවල 50%ක පමණ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බවයි ජාතික විගණන කාර්යාලය පවසන්නේ.

මේ අතර කාන්තාවන්ට එරෙහි බරපතළ අපරාධ වාර්තා වීම 2022 වර්ෂයට සාපේක්ෂව පසුගිය වසරේ දී 27%කින් වර්ධනය වී ඇති බව සඳහන්.

විගණන කාර්යාලයේ වාර්තාවට අනුව ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව 182 සිට 226 දක්වා ඉහළ ගොස් තිබූ බව ද සඳහන්.

කාන්තාවන්ට බරපතල තුවාල කිරීම් සංඛ්‍යාව 154 සිට 221 දක්වා ද පිහි ආදියෙන් තුවාල කිරීම් සංඛ්‍යාව 74 සිට 96 දක්වා ද බරපතල ලිංගික අපයෝජන සංඛ්‍යාව 21 සිට 37දක්වා ද වර්ධනය වී තිබූ බව එම වාර්තාව අනාවරණය කරනවා.

පසුගිය වසරේදී (2023) මෙම අපරාධ විසඳීම 99%ක ප්‍රගතියක් පෙන්නුම් කළ ද, අපරාධ වාර්තාවීම වැඩි වී තිබූ බව ගණන කාර්යාලය පවසනවා.

එමෙන්ම එම අපරාධ පාලනයට හා වැළැක්වීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බව ද එම කාර්යාලය ප්‍රකාශ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46