ඉන්දියාව සහ කැනඩාව අතර ආතතිය යළි ඉහළට

ඉන්දීය නායකයින්ට, ආයතනවලට, ගුවන් සමාගම්වලට සහ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට නැවත නැවතත් තර්ජනය කළ ඉන්දීය විරෝධීන්ට එරෙහි ව කැනඩාව පියවර ගනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් බ්‍රහස්පතින්දා පැවසුවා.

කැනේඩියානු අගමැති ටෘඩෝ සහ අනෙකුත් නායකයින්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් කැනඩාව පුද්ගලයින් දෙදෙනෙකුට චෝදනා කර ඇති බවට වන වාර්තා පිළිබඳ ප්‍රතිචාර දක්වමින් රන්දීර් ජයිස්වාල් මේ අදහස් පළ කළා.

”මේ වාර්තා අපි දැක්කා. නීතියේ ආධිපත්‍යය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් විවිධ මිනුම් දණ්ඩ අනුගමනය කරන විට, එය හෙළි කරන්නේ තමන්ගේම දෙබිඩි පිළිවෙතයි,” ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසුවා.

ප්‍රචණ්ඩත්වය මගින් ඉන්දීය නායකයින්ට, ආයතනවලට, ගුවන් සමාගම්වලට සහ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට නැවත නැවතත් තර්ජනය කළ ඉන්දීය විරෝධීන්ට එරෙහිව ද කැනඩාව මේ හා සමාන පියවර ගනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරන බව ජයිස්වාල් පවසනවා.

ටෘඩෝ ඇතුළු ඉහළ පෙළේ ෆෙඩරල් නායකයින්ට මරණ තර්ජන එල්ල කළ බවට ඇප්බර්ටා හි පුද්ගලයින් දෙදෙනෙකුට පසුගියාදා චෝදනා ගොනු කරනු ලැබුවා.

ඛලිස්තාන හිතවාදීන් අවස්ථා ගණනාවක දීම ඉන්දීය ප්‍රජාව ඉලක්ක කර ගනිමින් විවිධ ප්‍රකාශ සිදු කර තිබුණා.

කැනඩාවේ හින්දු කෝවිල් කිහිපයක් ප්‍රහාරයට ලක් වූ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දියානුවන් කෙරෙහි වෛරීසහගත ප්‍රකාශ සිදුකරමින් තිබෙනවා.

නමුත් කැනඩාව මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවට ඉන්දියාව දිගින් දිගටම චෝදනා නගනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?