ඉන්දියාව සහ කැනඩාව අතර ආතතිය යළි ඉහළට

ඉන්දීය නායකයින්ට, ආයතනවලට, ගුවන් සමාගම්වලට සහ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට නැවත නැවතත් තර්ජනය කළ ඉන්දීය විරෝධීන්ට එරෙහි ව කැනඩාව පියවර ගනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් බ්‍රහස්පතින්දා පැවසුවා.

කැනේඩියානු අගමැති ටෘඩෝ සහ අනෙකුත් නායකයින්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් කැනඩාව පුද්ගලයින් දෙදෙනෙකුට චෝදනා කර ඇති බවට වන වාර්තා පිළිබඳ ප්‍රතිචාර දක්වමින් රන්දීර් ජයිස්වාල් මේ අදහස් පළ කළා.

”මේ වාර්තා අපි දැක්කා. නීතියේ ආධිපත්‍යය සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්බන්ධයෙන් විවිධ මිනුම් දණ්ඩ අනුගමනය කරන විට, එය හෙළි කරන්නේ තමන්ගේම දෙබිඩි පිළිවෙතයි,” ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසුවා.

ප්‍රචණ්ඩත්වය මගින් ඉන්දීය නායකයින්ට, ආයතනවලට, ගුවන් සමාගම්වලට සහ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට නැවත නැවතත් තර්ජනය කළ ඉන්දීය විරෝධීන්ට එරෙහිව ද කැනඩාව මේ හා සමාන පියවර ගනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරන බව ජයිස්වාල් පවසනවා.

ටෘඩෝ ඇතුළු ඉහළ පෙළේ ෆෙඩරල් නායකයින්ට මරණ තර්ජන එල්ල කළ බවට ඇප්බර්ටා හි පුද්ගලයින් දෙදෙනෙකුට පසුගියාදා චෝදනා ගොනු කරනු ලැබුවා.

ඛලිස්තාන හිතවාදීන් අවස්ථා ගණනාවක දීම ඉන්දීය ප්‍රජාව ඉලක්ක කර ගනිමින් විවිධ ප්‍රකාශ සිදු කර තිබුණා.

කැනඩාවේ හින්දු කෝවිල් කිහිපයක් ප්‍රහාරයට ලක් වූ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දියානුවන් කෙරෙහි වෛරීසහගත ප්‍රකාශ සිදුකරමින් තිබෙනවා.

නමුත් කැනඩාව මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවට ඉන්දියාව දිගින් දිගටම චෝදනා නගනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති හමුවෙන්න ආ අමුත්තා - ජනපති හිනාවෙලා පිළිගත්ත හැටි
01:22
Video thumbnail
මාලිමාවේ සාගරිකා සහ තුෂාරි රටේ දැවෙන ප්‍රශ්නයට දුන් පිළිතුර - ජනතාව අපිට ජන වරමක් දුන්නා
04:39
Video thumbnail
බිමල්ගේ සැර කතාවෙන් විපක්ෂය හාන්සිවෙයි - CID එකේ ප්‍රධානියා පැලවත්තේ හිටපු කෙනෙක් නෙවෙයි
14:57
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02
Video thumbnail
ප්‍රසාද් සර් නැගිටලා ආණ්ඩුවට රිදෙන්න දෙයි - මහින්දත් ගෙදර ගියා නම් අනුර යන එක සිම්පල්
09:37
Video thumbnail
ඔන්න ඕක පහළට දාන්නකෝ..ඕවා ගන්න එපා - අකිල වෙනුවෙන් ආ ප්‍රබලයෝ කිව්ව දේ
01:37
Video thumbnail
අකිල මාංචුත් දාගෙන බන්ධනාගාර බසයෙන් ගිය හැටි
01:13