AFC Banner
Empty Ad
Empty Ad

පාස්කු ප්‍රහාරයේ 11 වැනි විත්තිකරු කළ පාපොච්චාරණය ගැන උසාවියෙන් නියෝගයක්

පාස්කු බෝම්බ ප්‍රහාර මලාව සම්බන්ධයෙන් කොළඹ ත්‍රි – පුද්ගල මහාධිකරණය හමුවේ විභාගය වන නඩුවේ 11 වන විත්තිකරු වන කලීඩ් සමීන් නමැත්තා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා හමුවේ කළ පාපොච්චාරණය ස්වෙච්ඡාවෙන් කළ පාපොච්චාරණයක් බව නිගමනය කළ අධිකරණය ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට එවකට ගල්කිස්ස හිටපු මහේස්ත්‍රාත්වරයාට අද (24) නොතීසි නිකුත් කළා.

නඩුව අද දින දමිත් තොටවත්ත, අමල් රණරජා, සහ නවරත්න මාරසිංහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එහි 11 වන විත්තිකරු වන කලීඩ් සමීන් නමැත්තා ඔහුට මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදිය යුතු බව පවසා තිබෙනවා.

ඒ අනුව ඔහු මහේස්ත්‍රාත්වරයා හමුවේ පාපොච්චාරණයක් කර ඇති අතර එම ප්‍රකාශය ස්වෙච්ඡාවෙන් කළ එකක් ද එසේත් නැතිනම් කිසිවෙකුගේ බලපෑමක් මත කළ ප්‍රකාශයක් ද යන්න විමර්ශන නිලධාරීන් විසින් විමර්ශන සිදු කර තිබෙනවා.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විමර්ශන ප්‍රගතිය අද දින අධිකරණයට දැන්වු අතර ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම ප්‍රකාශය ස්වේච්ඡාවෙන් සිදු කළ එකක් බව නිගමනය කළා.

එබැවින් එම ප්‍රකාශය රජයේ සාක්ෂියක් බවට පත් කිරීමට තීරණය කළ විනිසුරු මඬුල්ල විත්තිකරු මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා එවකට හිටපු ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයාට නොතීසී නිකුත් කරන ලෙස නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?