AFC Banner
Empty Ad
Empty Ad

දුෂ්මන්ත චමීර T20 සංචිතයෙන් ඉවතට

එළඹෙන ජුලි 27 වැනි දා ඉන්දීය කණ්ඩායමට එරෙහිව නම් කර සිටි ශ්‍රී ලංකා T20 සංචිතයෙන් වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීර ව ඉවත් කර තිබෙනවා.

ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරන පරිදි දුෂ්මන්ත චමීර හට ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු ව සංචිතයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය ඉන්දියාවට එරෙහිව වේග පන්දු බලඇණිය ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාවට දකුණත් පන්දු යවන්නෙකුගේ හිස්තැන දැවැන්ත පහරක් වනු ඇති බවට ද ක්‍රීඩා විචාරකයින් අනාවැකි පළ කරනවා.

ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරග 03කින් සමන්විත T20 තරගාවලියක් පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතයි.

එම තරග එළඹෙන ජුලි 27, 28 සහ 30 යන තෙදින පැවැත්වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
16
+1
2
+1
1
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?