එළඹෙන ජුලි 27 වැනි දා ඉන්දීය කණ්ඩායමට එරෙහිව නම් කර සිටි ශ්‍රී ලංකා T20 සංචිතයෙන් වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීර ව ඉවත් කර තිබෙනවා.
ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරන පරිදි දුෂ්මන්ත චමීර හට ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහු ව සංචිතයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය ඉන්දියාවට එරෙහිව වේග පන්දු බලඇණිය ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකාවට දකුණත් පන්දු යවන්නෙකුගේ හිස්තැන දැවැන්ත පහරක් වනු ඇති බවට ද ක්‍රීඩා විචාරකයින් අනාවැකි පළ කරනවා.
ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරග 03කින් සමන්විත T20 තරගාවලියක් පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතයි.
එම තරග එළඹෙන ජුලි 27, 28 සහ 30 යන තෙදින පැවැත්වේ.













