AFC Banner
Empty Ad
Empty Ad

අලෙවිසැල් වෙත ගෑස් පැමිණීමේ ප්‍රමාදය විසඳුවා – ලිට්‍රෝ සමාගම

ලිට්‍රෝ ගෑස්වල කිසිදු හිඟයක් නොමැති බවට එම සමාගම පවසනවා.

පසුගිය දින කිහිපයේ දී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ගෑස් ප්‍රවාහනය කිරීමේ දෝෂ තිබූ බවත්; මේ වනවිට එම අර්බුදකාරී තත්ත්වය විසඳා ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගම කියා සිටියා.

තමන්ට අවශ්‍ය පරිදි ගෑස් මිල දී ගැනීමට නොහැකි බව පවසමින් ඇතැම් පාරිභෝගිකයින්ගෙන් ලිට්‍රෝ ගෑස් සමාගමට චෝදනා එල්ල වුණා.

මෙම අර්බුදය හැටන් ඇතුළු ප්‍රදේශ කිහිපයක් තුළ ද පැවති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

නමුත් ඊයේ (23) වන විට එම අර්බුදයට විසඳුම් ලබාදෙමින් එම ප්‍රදේශවල පිහිටා ඇති ගෑස් අලෙවි සැල්වලට ලිට්‍රෝ ගෑස් සැපයීම යළිත් ආරම්භ කර තිබෙනවා.

මේ පිළිබඳ ව කරන ලද විමසිමක දි අදහස් දැක්වු හැටන් නගරයේ ගෑස් අලෙවි නියෝජිතයන් කියා සිටියේ; දින 04කට පමණ පසු ඊයේ පස්වරුවේ ගිනිගත්හේන ගෑස් අලෙවි මධ්‍යස්ථානය වෙත ලිට්‍රෝ ගෑස් ලැබුණු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?