අලෙවිසැල් වෙත ගෑස් පැමිණීමේ ප්‍රමාදය විසඳුවා – ලිට්‍රෝ සමාගම

ලිට්‍රෝ ගෑස්වල කිසිදු හිඟයක් නොමැති බවට එම සමාගම පවසනවා.

පසුගිය දින කිහිපයේ දී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ගෑස් ප්‍රවාහනය කිරීමේ දෝෂ තිබූ බවත්; මේ වනවිට එම අර්බුදකාරී තත්ත්වය විසඳා ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගම කියා සිටියා.

තමන්ට අවශ්‍ය පරිදි ගෑස් මිල දී ගැනීමට නොහැකි බව පවසමින් ඇතැම් පාරිභෝගිකයින්ගෙන් ලිට්‍රෝ ගෑස් සමාගමට චෝදනා එල්ල වුණා.

මෙම අර්බුදය හැටන් ඇතුළු ප්‍රදේශ කිහිපයක් තුළ ද පැවති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

නමුත් ඊයේ (23) වන විට එම අර්බුදයට විසඳුම් ලබාදෙමින් එම ප්‍රදේශවල පිහිටා ඇති ගෑස් අලෙවි සැල්වලට ලිට්‍රෝ ගෑස් සැපයීම යළිත් ආරම්භ කර තිබෙනවා.

මේ පිළිබඳ ව කරන ලද විමසිමක දි අදහස් දැක්වු හැටන් නගරයේ ගෑස් අලෙවි නියෝජිතයන් කියා සිටියේ; දින 04කට පමණ පසු ඊයේ පස්වරුවේ ගිනිගත්හේන ගෑස් අලෙවි මධ්‍යස්ථානය වෙත ලිට්‍රෝ ගෑස් ලැබුණු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58