පාසලක ප්‍රධාන ශාලාවෙන් ඉපැරණි මිනිරන් පතලක් මතුවෙයි

කළුතර කලාපයට අයත් බේරුවල කොට්ඨාස අධ්‍යාපන කාර්යාල බල සීමාවේ පිහිටා ඇති අලුත්ගම – දර්ගා නගරය, වරාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රධාන ශාලාවෙන් ඉපැරණි මිනිරන් පතලක නටබුන් හමු ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ; මෙම පාසලේ ප්‍රධාන ශාලාව මේ වනවිට (24) ගිලා බැසීමකට ලක් ව ඇති අතර; එම ගිලා බැසි ස්ථානයෙන් මිනිරන් පතලක කොටස් හමු ව ඇති බවයි.

මේ හේතුවෙන් එම ප්‍රධාන ශාලාව කේන්ද්‍ර කරගනිමින් පැවැත්වූ ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතුවලට දැඩි බලපෑමක් ද එල්ල වී තිබෙනවා.

මෙම පාසලේ සිසුන් 350කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන අතර මිනිරන් පතල මතු වීම හේතුවෙන් මේ වනවිට අදාළ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ම වසා දමා ඇති බවයි පැවසෙන්නේ.

එම ගොඩනැගිල්ලේ තිබූ පන්ති දෙකක් ද වෙනත් ගොඩනැගිල්ලකට රැගෙන යාම හේතුවෙන් විදුහල්පතිවරයා ඇතුළු ආචාර්‍යය මණ්ඩලය සේ ම සිසු දරුවන් ද ඉන් මහත් පීඩාවකට ලක් ව තිබෙනවා.

මිනිරන් පතල මතු වූ ස්ථානය මේ වනවිට කැඩුණු පුටු දමා වසා ඇති අතර; ඇතැම් අවස්ථාවල එම ප්‍රදේශයට ප්‍රාථමික ශ්‍රේණිවල කුඩා දරුවන් සෙල්ලම් කිරීමට යාමට ඉඩකඩ ඇති බවත් හදිසියේ හෝ එම දරුවන්ට පය ලිස්සා එම කුහරයට ඇද වැටුණොත් විශාල හානි සිදු වීමේ ඉඩකඩක් ද ඇති බවටයි සිසුන්ගේ දෙමාපියන් චෝදනා කරන්නේ.

එබැවින් පාසල් බලධාරීන් සහ දෙමාපියන් වගකිව යුතු අධ්‍යාපනික බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම කුහරය කඩිනමින් වසා දමා දරුවන්ට සුරක්ෂිත ලෙස පාසලේ යළි අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය වටපිටාව සකස් කරදෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
4
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03