AFC Banner
Empty Ad
Empty Ad

Update – ක්ලබ් වසන්ත ඝාතනයට පැටලුණු තරුණියගෙන් පැය 48ක් ප්‍රශ්න කරන්න අවසර (වීඩියෝ)

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගැනුණු 21 හැවිරිදි තරුණිය පැය 48ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට වසර ලබා දී තිබෙනවා.

ඒ, සැකකාර තරුණිය අද (21) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දී ඇති බැට චෝදනාවට සැකකාර තරුණිය ඊයේ (20) බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු තරුණිය මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන ටැටූ දුලාන් නැමැත්තාගේ ඥාතික් බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 08 වනදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ දී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු දෙදෙනෙක් ඝාතනයට ලක් වුණා.

ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වනවිට සැකකරුවන් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?