Empty Ad
AFC Banner
Empty Ad

රජයේ පාසල් ගුරුවරුන්ට ටියුෂන් තහනම් – විශේෂ චක්‍රලේඛයකුත් නිකුත් වෙයි

උතුරු මැද පළාතේ රජයේ පාසල්වල ඉගැන්වීම් කටයුතු සිදු කරන කිසිදු ආචාර්‍යය මණ්ඩලයේ සාමාජිකයෙකුට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

මෙම චක්‍රලේඛය ඊයේ (18) දිනයේ දී නිකුත් කර ඇත්තේ උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා විසින්.

ඒ අනුව උතුරු මැද පළාතට අයත් වන අනුරාධපුර, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ඉගැන්වීම් කටයුතු සිදු කරන කිසිදු රජයේ පාසල් විදුහල්පතිවරයෙකුට, ගුරුවරයෙකුට හෝ ගුරු උපදේශකවරයෙකුට මින් ඉදිරියට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් වනු ඇති.

උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයීය ලේකම්වරයා මෙම තීරණය ගැනීම සම්බන්ධයෙන් පවසා ඇත්තේ පෞද්ගලික උපකාරක පන්ති සිදු කරන රජයේ පාසල්වල ගුරුවරු බොහෝමයක් නිසියාකාර ව පාසලේ ඉගැන්වීම කටයුතු සිදු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයු.

එමෙන්ම එවැනි ගුරුවරු විසින් ඔවුන්ගේ උපකාරක පන්තිවලට එක් නොවන පාසල් පන්ති කාමරයේ සිසු දරුවන් ව තාඩන පීඩනවලට ලක් කර කොන්කිරීම් සිදු කරන බවටත් තොරතුරු වාර්තා වී ඇති බවයි සඳහන් කළා.

මේ තත්ත්වය මත ඉදිරියේ දී මෙම චක්‍රලේඛයට පටහැනිව ක්‍රියා කරන සියලු ම රජයේ පාසල්වල ගුරු – විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවටත් ලේකම්වරයා දැනුම් දී තිබෙනවා.

අදාළ චක්‍රලේඛය මේ වනවිට එම පළාතේ පළාත් පාලන අධ්‍යාපන අධ්‍යක්ෂ, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප හා සියලු ම පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
417
+1
37
+1
250
+1
25
+1
36
+1
20
+1
42
Subscribe
Notify of
16 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති මෝදී ළඟ තියාගෙන ජනපති කරපු සුපිරි කතාව
Video thumbnail
හැමෝටම කට උත්තර නැති වූ ගිවිසුම් එළිපිටම ගැහුවේ මෙහෙමයි
05:12
Video thumbnail
අම්මගේ චූටි දෝණි වැඩ වරදී
02:07
Video thumbnail
LIVE🔴ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන ඒකාබද්ධ මාධ්‍ය හමුව සජීවීව
44:45
Video thumbnail
ජනපති අනුර මෝදිට සම්මානයක් දෙයි - මෝදී ඒක පිළිගත්ත හැටි මෙන්න බලන්න
04:37
Video thumbnail
ඈ සමන්තයෝ එදා උඹ මොනාද කිව්වේ - සීලරතන හිමි සැරටම කියපු කතාව
04:42
Video thumbnail
සමන්ට රතු කට්ට පනී - ආණ්ඩුවේ කෙඳිරිල්ලට දෙසයි
17:47
Video thumbnail
අපේ ඇඟවල් හොඳට තැලිලා තියෙන්නේ - නාමල් සැරටම කරපු කතාව මෙන්න
21:34
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ධර්මප්‍රිය විජේසිංහ සහ සජබ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත සහභාගීවන කස්තිරම
01:23:40
Video thumbnail
රනිල් රට කළා නම් මීට වැඩිය හොඳට කරනවා - සරදම් කියන්නේ මේවට තමයි ඉතිං
04:44
<p>?</p>