හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂණ වෙඩි තබා ඝාතනයේ තොරතුරු රැසක් එළියට (වීඩියෝ)

අම්බලන්ගොඩ, කන්ද මාවත ප්‍රදේශයේ දී ඊයේ (16) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත් වුණේ 2002 වයස අවුරුදු 19 පහළ ශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂණ බවයි තොරතුරු වාර්තා වුණේ.

මොහු දැනට විදේශ ගතව සිටින පතාල කල්ලි සාමාජික සුරංග මානවඩු නැමැත්තාගේ ගෝලයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ධම්මික නිරෝෂණ නැමැත්තා නිවස ඉදිරිපිට රැඳී සිටි අවස්ථාවේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබෙනවා.

41 හැවිරිදි වියේ පසු වූ ධම්මික නිරෝෂණ දෙදරු පියෙක් වන අතර ඔහු මෑතකදී ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පොලිසිය පවසන්නේ ඝතනයට ලක් වූ ධම්මික නිරෝෂණ අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් මීට පෙර චෝදනා ලැබ සිටි අයෙක් නොවන බවයි.

ඝාතනයට ලක් වූ ධම්මික නිරෝෂණ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය රෝහල වෙත යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර පසුගිය කාලවකවානු තුළ අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීම කිහිපයක්ම වාර්තා වූ අතර, එලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූවන්ගෙන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙක් ඉලක්ක කරගෙන මෑත කාලය තුළ එල්ල වූ වෙඩි ප්‍රහාරය මෙය බවයි පොලිසිය සඳහන් කළේ.

WhatsApp Image 2024 07 16 at 11.30.53 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?