AFC Banner
Empty Ad
Empty Ad

LPL මූලික වටයේ අවසන් තරගය අද – කාසියේ වාසිය කොළඹට

LPL ලීග් තරගාවලියේ මූලික අදියරේ පැවැත්වෙන අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් කොලොම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම මීට ටික වේලාවකට (16) පෙර සමත් වුණා.

අද රාත්‍රී 7.30ට තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනු ඇති.

කාසියේ වාසිය දිනූ නායක තිසර පෙරේරා විසින් ප්‍රතිවාදී දඹුලු කණ්ඩායමට පළමු ව පිතිකරණයට ඇරයුම් කර සිටියා.

අද තරගය දඹුලු කණ්ඩායමට අතිශය තීරණාත්මක වනු ඇති.

ඒ අවසන් පූර්ව වටයට තේරී පත්වන සිව්වැනි කණ්ඩායම බවට පත්වීමට නම්; දඹුලු කණ්ඩායම විසින් ස්ට්‍රයිකර්ස් පිල දැවැන්ත ලකුණු ප්‍රමාණයකින් අද දිනයේ දී පරාජයට පත් කළ යුතු වනවා.

එසේ නොමැති වුවහොත් දඹුලු කණ්ඩායමට මෙවර LPL තරගාවලියේ මූලික වටයෙන් ම ඉවත් වීමටයි සිදු වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?