රිපබ්ලිකන් පක්ෂ ජනපති අපේක්ෂකයා ලෙස ට්‍රම්ප් නම් කෙරේ – දෙවැන්නා ජේ.ඩී වැන්ස්

එළඹෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කිරීමට එම පක්ෂය කටයුතු කළා.

එමෙන්ම ට්‍රම්ප්ගේ දෙවැනියා ලෙස රිපබ්ලිකන් පක්ෂ විසින් තෝරාගනු ලැබුවේ ඔහියෝ හි සෙනෙට් සභික ජේ.ඩී.වැන්ස් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

වැන්ස් වරක් ට්‍රම්ප් විවේචකයෙකුව සිටි අතර, මේ වනවිට ඔහු ට්‍රම්ප්ගේ වඩාත්ම විශ්වාසදායක ආරක්ෂකයෙකු බවට පත්ව සිටිනවා.

එළඹෙන නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති ජෝ බයිඩන් පරදවා ට්‍රම්ප් ජනාධිති ධුරයට පත්වුවහොත් උප ජනාධිපතිවරයා ලෙස ජේ.ඩී. වැන්ස් පත්වනු ඇති.

විස්කොන්සින් ජනපදයේ, මිල්වෝකී නුවර දී රිපබ්ලිකන් පක්ෂයේ පක්ෂ සම්මේලනය පැවති අතර, එහිදී මෙම තෝරා ගැනීම් සිදුකරනු ලැබුවා.

මේ අතර ට්‍රම්ප් සිය දෙවැනියා ලෙස වැන්ස්ව තෝරාගැනීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපති ධුරය සඳහා තරඟවදින වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගේ පාර්ශ්වය කනස්සල්ල සහ අප්‍රසාදය පළකර ඇති බව සඳහන්.

මේ අතර පසුගිය සෙනසුරාදා ට්‍රම්ප්ව ඉලක්ක කරගනිමින් පෙන්සිල්වේනියාවේ ට්‍රම්ප්ගේ රැළියේ දී සිදු වූ වෙඩි තැබීමෙන් ඇතැම් රිපබ්ලිකන් පාක්ෂිකයින් තවමත් කම්පාවට පත්ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?