රිපබ්ලිකන් පක්ෂ ජනපති අපේක්ෂකයා ලෙස ට්‍රම්ප් නම් කෙරේ – දෙවැන්නා ජේ.ඩී වැන්ස්

එළඹෙන ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂයා ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කිරීමට එම පක්ෂය කටයුතු කළා.

එමෙන්ම ට්‍රම්ප්ගේ දෙවැනියා ලෙස රිපබ්ලිකන් පක්ෂ විසින් තෝරාගනු ලැබුවේ ඔහියෝ හි සෙනෙට් සභික ජේ.ඩී.වැන්ස් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

වැන්ස් වරක් ට්‍රම්ප් විවේචකයෙකුව සිටි අතර, මේ වනවිට ඔහු ට්‍රම්ප්ගේ වඩාත්ම විශ්වාසදායක ආරක්ෂකයෙකු බවට පත්ව සිටිනවා.

එළඹෙන නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති ජෝ බයිඩන් පරදවා ට්‍රම්ප් ජනාධිති ධුරයට පත්වුවහොත් උප ජනාධිපතිවරයා ලෙස ජේ.ඩී. වැන්ස් පත්වනු ඇති.

විස්කොන්සින් ජනපදයේ, මිල්වෝකී නුවර දී රිපබ්ලිකන් පක්ෂයේ පක්ෂ සම්මේලනය පැවති අතර, එහිදී මෙම තෝරා ගැනීම් සිදුකරනු ලැබුවා.

මේ අතර ට්‍රම්ප් සිය දෙවැනියා ලෙස වැන්ස්ව තෝරාගැනීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපති ධුරය සඳහා තරඟවදින වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගේ පාර්ශ්වය කනස්සල්ල සහ අප්‍රසාදය පළකර ඇති බව සඳහන්.

මේ අතර පසුගිය සෙනසුරාදා ට්‍රම්ප්ව ඉලක්ක කරගනිමින් පෙන්සිල්වේනියාවේ ට්‍රම්ප්ගේ රැළියේ දී සිදු වූ වෙඩි තැබීමෙන් ඇතැම් රිපබ්ලිකන් පාක්ෂිකයින් තවමත් කම්පාවට පත්ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14