පාතාලය දේශපාලනය ආක්‍රමණය කරලා – පාඨලීගෙන් හෙළිදරවුවක්

පාතාලය අද මෙරට දේශපාලනය ආක්‍රමණය කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවා.

ඒ මහතා මේ බව සඳහන් කළේ එම පක්ෂයේ ප්‍රචාරක රැළියකට එක් වෙමින්.

එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සමුළුව එහි නායක පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේ දී පැවැත්වුණා.