පාතාලය අද මෙරට දේශපාලනය ආක්‍රමණය කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවා.
ඒ මහතා මේ බව සඳහන් කළේ එම පක්ෂයේ ප්‍රචාරක රැළියකට එක් වෙමින්.
එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සමුළුව එහි නායක පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේ දී පැවැත්වුණා.













