AFC Banner
Empty Ad
Empty Ad

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවමත් බාධා

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක් බණ්ඩාරවෙල දී පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට තවමත් බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ පීලිපැනීම හේතුවෙන් අද (15) පෙරවරුවේ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ උඩරට මැණිකේ දුම්රිය ද ප්‍රමාද වන බවයි.

මීට අමතරව කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය බණ්ඩාරවෙල දක්වා සීමාකර තිබුණා.

හානියට පත් දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට දෙපාර්තමේන්තු නිලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?