AFC Banner
Empty Ad
Empty Ad

පංති ආ දැරියන්ට ලිංගික අතවර කළ නැටුම් ගුරා පොලිස් අත්අඩංගුවට

බාලවයස්කාර දැරියන්ට ලිංගික අතවර කළ බව කියන නර්තන ගුරුවරයෙක් හංවැල්ල පොලිසිය මඟින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ගුරුවරයා ඔහුගේ නර්තන පන්තියට පැමිණි දැරියන්ව මෙලෙස අතවරයට ලක්කර ඇති බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු රණාල, බටේවෙල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි වියේ පසුවන විවාහකයෙක් බවයි වාර්තා වුණේ.

සැකකාර ගුරුවරයා විසින් තම නර්තන පංතියට පැමිණි දැරියන්ගේ ශරීරය අතපතගාමින් ඔවුන්ව කාමර තුළට රැගෙන ගොස් අතවර කිරීම් සහ වට්ස්ඇප් මාර්ගයෙන් අසභ්‍ය ඡායාරූප යවමින් අපයෝජනයට ලක්කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සැකකාර ගුරුවරයාට එරෙහිව තලංගම සහ නවගමුව පොලිස් ස්ථානවලට ද පැමිණිලි ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?