ශ්‍රී ලංකා – ඉන්දියා 20-20 සහ එක්දින තරගාවලියේ කාලසටහනේ වෙනසක්

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාලසටහන වෙනස් කිරීමට කටයුතු කර තිබෙනවා.

එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක තරගාවලි සංචාරයක් සඳහා ඉන්දීය කණ්ඩායම මේ මස අග දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව ලබන 26 වනදා පළමු 20-20 තරගයෙන් තරගාවලිය ආරම්භ කිරීමට මීට පෙර සැලසුම්කර තිබුණ ද, තරගාවලිය ආරම්භ කරන දිනය තවත් එක් දිනකින් පමා කිරීමටයි ඊයේ දිනයේ තීරණය කර ඇත්තේ.

මෙම තීරණයත් සමඟ පළමු 20-20 තරග එළඹෙන 27 වනදා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම දෙවන 20-20 තරගය එළඹෙන 28 වනදා සහ තුන්වන 20-20 තරගය ලබන 30 වනදා පැවැත්වීමයි මේ වනවිට තීරණය කර ඇත්තේ.

එමෙන්ම ලබන අගෝස්තු පළමු වනදා ආරම්භ වීමට නියමිතව තිබූ දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අගෝස්තු 02 වනදා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරග දෙක මීට පෙර සැලසුම්කර තිබූ පරිදි අගෝස්තු 04 සහ 07 යන දෙදින තුළ පැවැත් වෙනවා.

කෙසේ වෙතත් මෙලෙස තරගාවලිය පැවැත්වෙන් දිනයන් වෙනස් කිරීම සම්බන්ධයෙන් හේතුවක් දක්වා නොමැති අතර, ඉන්දීය කණ්ඩායම එළඹෙන 22 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48