ශ්‍රී ලංකා – ඉන්දියා 20-20 සහ එක්දින තරගාවලියේ කාලසටහනේ වෙනසක්

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාලසටහන වෙනස් කිරීමට කටයුතු කර තිබෙනවා.

එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක තරගාවලි සංචාරයක් සඳහා ඉන්දීය කණ්ඩායම මේ මස අග දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව ලබන 26 වනදා පළමු 20-20 තරගයෙන් තරගාවලිය ආරම්භ කිරීමට මීට පෙර සැලසුම්කර තිබුණ ද, තරගාවලිය ආරම්භ කරන දිනය තවත් එක් දිනකින් පමා කිරීමටයි ඊයේ දිනයේ තීරණය කර ඇත්තේ.

මෙම තීරණයත් සමඟ පළමු 20-20 තරග එළඹෙන 27 වනදා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම දෙවන 20-20 තරගය එළඹෙන 28 වනදා සහ තුන්වන 20-20 තරගය ලබන 30 වනදා පැවැත්වීමයි මේ වනවිට තීරණය කර ඇත්තේ.

එමෙන්ම ලබන අගෝස්තු පළමු වනදා ආරම්භ වීමට නියමිතව තිබූ දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අගෝස්තු 02 වනදා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරග දෙක මීට පෙර සැලසුම්කර තිබූ පරිදි අගෝස්තු 04 සහ 07 යන දෙදින තුළ පැවැත් වෙනවා.

කෙසේ වෙතත් මෙලෙස තරගාවලිය පැවැත්වෙන් දිනයන් වෙනස් කිරීම සම්බන්ධයෙන් හේතුවක් දක්වා නොමැති අතර, ඉන්දීය කණ්ඩායම එළඹෙන 22 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
2
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දරුවන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන්
03:00
Video thumbnail
රනිල්ගේ ඇත්ත නැත්ත හෙළිකරන්න පිල්ලෙයාන් කටඅරී
26:36
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන මන්නාරම ජන රැලිය සජීවීව
01:54:56
Video thumbnail
ගාල්ල යක්කලමුල්ල අනතුරේ සජීවී දර්ශන
04:02
Video thumbnail
මරික්කාර් දුම්මල වරම අතට ගනියි - කරපු සැර කතාවට සභාවම නිහඬයි
15:29
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41

?