නයිජීරියාවේ පාසලක් කඩා වැටී 21 මරුට (ඡායාරූප)

මධ්‍යම නයිජීරියාවේ පාසලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙනවා.

රතු කුරුස සංවිධානය සඳහන් කළේ මියගිය අයගෙන් බහුතරයක් විභාගවලට පෙනී සිටිමින් සිටි පාසල් සිසුන් බවයි.

ඊයේ (12) සිදුව ඇති මෙම අවාසනාවන්ත අනතුරින් තවත් 69 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

මධ්‍යම නයිජීරියාවේ ප්ලේටෝ ප්‍රාන්තයේ ජෝස් නෝර්ත් ප්‍රදේශයේ ශාන්ත ඇකඩමි පාසලේ ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බර යන්ත්‍ර සූත්‍ර යොදාගනිමින් සුන්බුන් යට සිරවී සිටි සිසුන් බේරාගැනීමට ගලවාගැනීමේ සේවකයින් කටයුතු කර තිබෙනවා.

449831133 890287919803230 6823691066068735648 n
451082618 890287873136568 491971491464604535 n
449834331 890287829803239 1560948935321794548 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?