නායක රෝහිත් ෂර්මා ලෝක කුසලාන ත්‍යාග මුදලේ සිය ප්‍රසාද මුදල අත හරියි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා විසින් තමන්ට ලෝක කුසලානය ජයග්‍රහණයෙන් ලද ප්‍රසාද ත්‍යාග මුදල අත් හැරීමට තීරණය කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරන පරිදි රෝහිත් එම ප්‍රසාද ත්‍යාග මුදල අතහැර ඇත්තේ සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ඇපකැප වූ ඉන්දීය ක්‍රිකට් සහායක මණ්ඩලයට එම මුදල් ප්‍රතිපාදනවලින් වැඩි ප්‍රමාණයක් ලබා දීම සඳහා බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මෙන් ම ඉන්දීය රජයෙන් ද ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දැවැන්ත ත්‍යාග මුදල් ප්‍රමාණයක් හිමිවුණා.

පසුගියදා නිමාවට පත් වූ දකුණු අප්‍රිකාවට එරෙහි ව පන්දු වාර 20 අවසන් මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායම වසර 17කට පසුවයි ටී20 ලෝක කුසලානයක පහස විඳ ගැනීමට සමත් වූයේ.

එම ක්‍රීඩකයින්ව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් උණුසුම් අයුරින් පිළිගැනුණු අතර; ඔවුන් වෙනුවෙන් බස් රථ පෙළපාලියක් සමගින් වන්කඩේ ක්‍රීඩාංගණයේ දී දැවැන්ත උපහාර උලෙළක් ද සංවිධානය කෙරුණා.

ලෝක කුසලානය ජයගත් ඉන්දීය කණ්ඩායමට ලැබුණු කෝටි 125ක මුදල ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, කළමනාකරුවන් සහ සහායක කාර්‍යය මණ්ඩලය අතර බෙදා හරින අවස්ථාවේ දී ෂර්මා පවසා ඇත්තේ; ඉතා අඩු මුදලක් සහායක මණ්ඩලයට හිමි වන බවයි.

ඊට තමන් විරුද්ධ බවත් ඔවුන්ගේ කැපවීමට මීට වඩා මුදලක් හිමි විය යුතු බවත්; එබැවින් තමන්ට හිමි ප්‍රසාද මුදල් කොටස එම සහායක මණ්ඩලයේ මුදල් ප්‍රදාන වෙනුවෙන් එක් කරන ලෙසට ද නායක ෂර්මා දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
31
+1
1
+1
7
+1
1
+1
2
+1
2
+1
3
Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?