නායක රෝහිත් ෂර්මා ලෝක කුසලාන ත්‍යාග මුදලේ සිය ප්‍රසාද මුදල අත හරියි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා විසින් තමන්ට ලෝක කුසලානය ජයග්‍රහණයෙන් ලද ප්‍රසාද ත්‍යාග මුදල අත් හැරීමට තීරණය කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරන පරිදි රෝහිත් එම ප්‍රසාද ත්‍යාග මුදල අතහැර ඇත්තේ සිය කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් ඇපකැප වූ ඉන්දීය ක්‍රිකට් සහායක මණ්ඩලයට එම මුදල් ප්‍රතිපාදනවලින් වැඩි ප්‍රමාණයක් ලබා දීම සඳහා බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මෙන් ම ඉන්දීය රජයෙන් ද ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දැවැන්ත ත්‍යාග මුදල් ප්‍රමාණයක් හිමිවුණා.

පසුගියදා නිමාවට පත් වූ දකුණු අප්‍රිකාවට එරෙහි ව පන්දු වාර 20 අවසන් මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායම වසර 17කට පසුවයි ටී20 ලෝක කුසලානයක පහස විඳ ගැනීමට සමත් වූයේ.

එම ක්‍රීඩකයින්ව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් උණුසුම් අයුරින් පිළිගැනුණු අතර; ඔවුන් වෙනුවෙන් බස් රථ පෙළපාලියක් සමගින් වන්කඩේ ක්‍රීඩාංගණයේ දී දැවැන්ත උපහාර උලෙළක් ද සංවිධානය කෙරුණා.

ලෝක කුසලානය ජයගත් ඉන්දීය කණ්ඩායමට ලැබුණු කෝටි 125ක මුදල ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, කළමනාකරුවන් සහ සහායක කාර්‍යය මණ්ඩලය අතර බෙදා හරින අවස්ථාවේ දී ෂර්මා පවසා ඇත්තේ; ඉතා අඩු මුදලක් සහායක මණ්ඩලයට හිමි වන බවයි.

ඊට තමන් විරුද්ධ බවත් ඔවුන්ගේ කැපවීමට මීට වඩා මුදලක් හිමි විය යුතු බවත්; එබැවින් තමන්ට හිමි ප්‍රසාද මුදල් කොටස එම සහායක මණ්ඩලයේ මුදල් ප්‍රදාන වෙනුවෙන් එක් කරන ලෙසට ද නායක ෂර්මා දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20