උරග හා පක්ෂි ජාවාරමේ තොරතුරු එළියට – යාත්‍රාවත් ගොඩබිමට (ඡායාරූප)

බහුදින ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ උරග සහ පක්ෂීන් සහිත කූඩු රැසක් නාවික හමුදාව විසින් ඊයේ (09) අත් අඩංගුවට ගනු ලැබූ අතර; ඒවා අද (10) පෙරවරුවේ ගාල්ල දක්ෂිණ නාවික කඳවුර වෙත ගෙනැවිත් තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ මෙම ඇසුරුම් තුළ විවිධ ප්‍රභේදවලට අයත් විශේෂ මෙන් ම දුර්ලභ සත්ත්ව‍යින් සිටින බවයි.

පක්‍ෂීන් සහ උරග විශේෂ කිහිපයකට අයත් සතුන් නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් 05ක් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සුරක්‍ෂා නෞකාව යොදවා පසුගියදා (07) දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත්තා.

පක්‍ෂීන් සහ උරග විශේෂ ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි අංශය දීර්ඝ කාලයක සිට සිදුකළ තොරතුරු විශ්ලේෂණයකට අනුවයි මෙම වැටලීම සිදු කෙරුණේ.

එහිදී එම බහුදින ධීවර යාත්‍රාව තුළ නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ දුර්ලභ ගණයේ පිඹුරන් 13 ක්, තලගොයෙක්, විශාල ඉබ්බෙක් සහ ගිරවුන් 03ක් සමග එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් පස් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි වාර්තා වූයේ.

මීගමුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මෙම බහුදින ධීවර යාත්‍රාව පිටත්ව ගොස් තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 34 ත් 67 ත් අතර වයසේ පසුවන මීගමුව සහ කොච්චිකඩේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා හික්කඩුව වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කෙරුණා.

WhatsApp Image 2024 07 10 at 10.56.59
WhatsApp Image 2024 07 10 at 10.56.57
WhatsApp Image 2024 07 10 at 10.56.56 2
WhatsApp Image 2024 07 10 at 10.56.56 1
WhatsApp Image 2024 07 10 at 10.56.56
WhatsApp Image 2024 07 10 at 10.56.55 1
WhatsApp Image 2024 07 10 at 10.56.55
WhatsApp Image 2024 07 10 at 10.56.54 1
WhatsApp Image 2024 07 10 at 10.56.54
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?