උරග හා පක්ෂි ජාවාරමේ තොරතුරු එළියට – යාත්‍රාවත් ගොඩබිමට (ඡායාරූප)

බහුදින ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ උරග සහ පක්ෂීන් සහිත කූඩු රැසක් නාවික හමුදාව විසින් ඊයේ (09) අත් අඩංගුවට ගනු ලැබූ අතර; ඒවා අද (10) පෙරවරුවේ ගාල්ල දක්ෂිණ නාවික කඳවුර වෙත ගෙනැවිත් තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ මෙම ඇසුරුම් තුළ විවිධ ප්‍රභේදවලට අයත් විශේෂ මෙන් ම දුර්ලභ සත්ත්ව‍යින් සිටින බවයි.

පක්‍ෂීන් සහ උරග විශේෂ කිහිපයකට අයත් සතුන් නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමග සැකකරුවන් 05ක් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සුරක්‍ෂා නෞකාව යොදවා පසුගියදා (07) දකුණු මුහුදේ දී අත්අඩංගුවට ගත්තා.

පක්‍ෂීන් සහ උරග විශේෂ ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදා බුද්ධි අංශය දීර්ඝ කාලයක සිට සිදුකළ තොරතුරු විශ්ලේෂණයකට අනුවයි මෙම වැටලීම සිදු කෙරුණේ.

එහිදී එම බහුදින ධීවර යාත්‍රාව තුළ නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ දුර්ලභ ගණයේ පිඹුරන් 13 ක්, තලගොයෙක්, විශාල ඉබ්බෙක් සහ ගිරවුන් 03ක් සමග එම බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් පස් දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි වාර්තා වූයේ.

මීගමුව ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මෙම බහුදින ධීවර යාත්‍රාව පිටත්ව ගොස් තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 34 ත් 67 ත් අතර වයසේ පසුවන මීගමුව සහ කොච්චිකඩේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා හික්කඩුව වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කෙරුණා.

WhatsApp Image 2024 07 10 at 10.56.59
WhatsApp Image 2024 07 10 at 10.56.57
WhatsApp Image 2024 07 10 at 10.56.56 2
WhatsApp Image 2024 07 10 at 10.56.56 1
WhatsApp Image 2024 07 10 at 10.56.56
WhatsApp Image 2024 07 10 at 10.56.55 1
WhatsApp Image 2024 07 10 at 10.56.55
WhatsApp Image 2024 07 10 at 10.56.54 1
WhatsApp Image 2024 07 10 at 10.56.54


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03