AFC Banner
Empty Ad
Empty Ad

මුහුදුබඩ මාර්ගයේ එක් මාර්ගයක් දුම්රිය ධාවනයට ඇරේ

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක් දුම්රිය ධාවනය සඳහා විවෘත කර තිබෙනවා.

ඒ අද (09) උදෑසන 09.35ට පානදුර සිට මරදාන බලා ධාවනය වූ දුම් රියක් පීලි පැනීමකට ලක් වීම හේතුවෙන් දුම් රිය ගමනාගමනයට බාධා එල්ල වුණා.

මෙම පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ඇති මංතීරු දෙකට ම දැඩි අවහිරතාවක් ඇති වූ බවයි වාර්තා වූයේ.

කෙසේවෙතත් මේ වනවිට දුම්රිය ධාවනයට එක් මංතීරුවක් විවර කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම තත්ත්වය මත අද දිනයේ දී දුම්රිය ගමන් වාර 5 ක් අවලංගු කළ අතර සවස් වන විට දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?