මුහුදුබඩ මාර්ගයේ එක් මාර්ගයක් දුම්රිය ධාවනයට ඇරේ

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක් දුම්රිය ධාවනය සඳහා විවෘත කර තිබෙනවා.

ඒ අද (09) උදෑසන 09.35ට පානදුර සිට මරදාන බලා ධාවනය වූ දුම් රියක් පීලි පැනීමකට ලක් වීම හේතුවෙන් දුම් රිය ගමනාගමනයට බාධා එල්ල වුණා.

මෙම පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ඇති මංතීරු දෙකට ම දැඩි අවහිරතාවක් ඇති වූ බවයි වාර්තා වූයේ.

කෙසේවෙතත් මේ වනවිට දුම්රිය ධාවනයට එක් මංතීරුවක් විවර කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම තත්ත්වය මත අද දිනයේ දී දුම්රිය ගමන් වාර 5 ක් අවලංගු කළ අතර සවස් වන විට දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්වයට පත් කිරීමට හැකිවනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27