කාසියේ වාසිය කැන්ඩිවරුන්ට – වනිඳුගේ ඇරයුමෙන් ජැෆ්නා පළමුව පිතිකරණයට

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ අද (09) පැවැත්වෙන 11 වැනි තරගයේ කාසියේ වාසිය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම දිනා ගත්තා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය පස්වරු 2.30ට උරගා බැලුණු අතර; එහිදී එය ජයග්‍රහණය කිරීමට කැන්ඩි නායක වනිඳු හසරංග සමත් වුණා.

ඒ අනුව වනිඳු තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීම සඳහා ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට ආරාධනා කිරීමටයි.

වනිඳුගේ ඇරයුමෙන් චරිත් අසලංක ප්‍රමුඛ ජැෆ්නාවරුන් පළමු ව අභියෝගාත්මක ලකුණු පුවරුව නිර්මාණය කරනු ඇති.

මේ වනවිට තරගාවලියේ පැවති තරග 04න් තුනක් ම ජයගනිමින් ජැෆ්නා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ රැඳී සිටින්නේ පළමු ස්ථානයේ වන අතර පැවති තරග 04න් 01ක් පමණක් ජය ගත් ෆැල්කන්වරුන් ප්‍රසාද ලකුණු සටහනේ අවසානයේ රැඳී සිටිනවා.

ඒ නිසා අද තරගයේ ජයග්‍රහණය වනිඳු ප්‍රමුඛ කැන්ඩිවරුන්ට අතිශය තීරණාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?