කාසියේ වාසිය කැන්ඩිවරුන්ට – වනිඳුගේ ඇරයුමෙන් ජැෆ්නා පළමුව පිතිකරණයට

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ අද (09) පැවැත්වෙන 11 වැනි තරගයේ කාසියේ වාසිය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම දිනා ගත්තා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය පස්වරු 2.30ට උරගා බැලුණු අතර; එහිදී එය ජයග්‍රහණය කිරීමට කැන්ඩි නායක වනිඳු හසරංග සමත් වුණා.

ඒ අනුව වනිඳු තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීම සඳහා ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමට ආරාධනා කිරීමටයි.

වනිඳුගේ ඇරයුමෙන් චරිත් අසලංක ප්‍රමුඛ ජැෆ්නාවරුන් පළමු ව අභියෝගාත්මක ලකුණු පුවරුව නිර්මාණය කරනු ඇති.

මේ වනවිට තරගාවලියේ පැවති තරග 04න් තුනක් ම ජයගනිමින් ජැෆ්නා කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ රැඳී සිටින්නේ පළමු ස්ථානයේ වන අතර පැවති තරග 04න් 01ක් පමණක් ජය ගත් ෆැල්කන්වරුන් ප්‍රසාද ලකුණු සටහනේ අවසානයේ රැඳී සිටිනවා.

ඒ නිසා අද තරගයේ ජයග්‍රහණය වනිඳු ප්‍රමුඛ කැන්ඩිවරුන්ට අතිශය තීරණාත්මක වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03